Books & Monographs


This page uses Sinhala UNICODE. If you can not view sinhala letters, get Sinhala Unicode from here.

SEU Book No: 32 - යාන්ත්‍ර විද්‍යාව



Author: Kalinga Bandara

Price: SLR 950/=


2010 වසරේ සිට ක්‍රියාත්මක වන අධයාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ භෞතික විද්‍යාව නව විෂය නිර්දේශය යටතේ පළවන පොත් පෙළක විද්‍යා අධ්‍යාපන ඒකකය මගින් මුද්‍රිත පළමු භෞතික විද්‍යා පොත ලෙස මෙම යාන්ත්‍ර විද්‍යා කෘතිය එළි දක්වා ඇත. භෞතික විද්‍යාව විෂය නිර්දේශයේ දෙවැනි ඒකකය සම්පුර්ණයෙන් ම ආවරණය වන පරිදි සම්පාදනය කර ඇති මෙම කෘතිය තුළ පරිච්ඡේද 08 ක් යටතේ විෂය කරුණු පෙළ ගස්වා ඇත. උගත් විෂය කරුණු තහවුරු කරනු වස් විසඳූ උදාහරණ විශාල ප්‍රමාණයක් මෙම කෘතියට ඇතුළත් වන අතර සෑම පරිච්ජේදයක් අවසානයේ ම ඉදිරි පත් කර ඇති පුනරීක්ෂණ අභ්‍යාස ප්‍රගුණ කිරීමෙන් සිසුනට විෂය කරුණු වඩාත් හොඳින් ධාරණය කර ගත හැකි වනු ඇත.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ වැනි තරඟකාරී විභාගයකට සුදානම් වන සිසුන් සඳහා සිංහල බසින් ලියැවුනු ගුණාත්මක කෘතීන් අල්ප වන අවධියක භෞතික විද්‍යා විෂය නිර්දේශයේ යාන්ත්‍ර විද්‍යාව ඒකකයට අදාලව ලියා ඇති මෙම කෘතිය ඉතා සරළව උදාහරණ සහ අභ්‍යාස විශාල ප්‍රමාණයක් ඇතුළත්ව ලියා ඇත්තේ සිසුනට ස්වයං අධ්‍යයනය සඳහා ද සුදුසු වන පරිදිය. එහෙයින් මෙම කෘතිය උසස් පෙළ භෞතික විද්‍යාව හදාරන සිසුනට මෙන් ම එම විෂය උගන්වන ගුරු භාවතුන්ට ද එක සේ ප්‍රයෝජනවත් වනු ඇත.




<< First Book < Previous Book All Books Next Book > Last Book >>